හදිසි ජලගැලීම් හේතුවෙන් සීමා කර තිබූ පුත්තලම දුම්රිය මාර්ගය හි දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත් කර තිබේ.
ඒ අනුව අද (14) පස්වරුවේ සිට පුත්තලම මාර්ගයේ දුම්රිය සේවා නියමිත කාලසටහනට අනුව ක්රියාත්මක කරන බව වාර්තා වෙයි.
අයහපත් කාලගුණය හේතුවෙන් තිල්අඩිය ප්රදේශයේ දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා ඊයේ (13) සිට දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කර තිබුණි.
කෙසේවෙතත්, ගංවතුර ජලය බැස යාමත් සමඟ අද පස්වරු 3.00 සිට දුම්රිය ධාවනය යළි ආරම්භ කර තිබේ.
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

