Homeසියලුම පුවත්පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7ක් රෝහලට

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7ක් රෝහලට

පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද (26) අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.

තුවාල ලැබූවන් රෝහලේ මුළුතැන්ගෙයි සේවයේ නිරතව සිටි සේවකයින් වන අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පිපිරීම හේතුවෙන් වකුගඩු රෝහල් ගොඩනැගිල්ලටද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, වකුගඩු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ට සහ එහි සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අනතුරක් සිදුව නොමැත.

පිපිරීමෙන් අනතුරුව රෝහලේ නේවාසික රෝගීන් සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ මැදිහත්වීමෙන් ආරක්ෂිතව රෝහලෙන් පිටතට රැගෙන ගොස් තිබේ.

අනතුරුව ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කිරීමටත් කටයුතු කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments