සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය විසින් නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාදුන් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධ විමර්ශනයට අදාළව මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ප්‍රදේශයේ ඉඩමක් ක්‍රිෂ් සමාගම වෙත ලබාගැනීමට සහ ඊට අදාළ අනුමැතිය කඩිනම් කරගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් අවස්ථා තුනකදී අදාළ මුදල ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබේ. 0
සිද්ධිය සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධන මහත්මිය පසුගිය 24 වැනිදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් අතර, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 1
ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබාදී තිබේ. 2
ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් අද (25) පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
“`3

