කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (30) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමා යා හැකි බවද සඳහන් වෙයි.
එමෙන්ම, මුහුදු ප්‍රදේශ කිහිපයකද සුළං වේගය ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

