Homeසියලුම පුවත්බීමත් රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය පැදවීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට

බීමත් රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය පැදවීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට

හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම – පනාගොඩ මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (06) පස්වරුවේ සිදුවූ මෙම අනතුරේදී, ඇඹුල්ගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් පසු රියදුරු මෝටර් රථය නවතා නොසිට පලාගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මියගිය කාන්තාවන් 42 සහ 44 වැනි වයස්වල පසුවූ රනාල හා ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකාරියන් බව වාර්තා වෙයි.
CCTV දර්ශන සහ ලද තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකාර රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇති අතර, අනතුරට සම්බන්ධ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී සැකකරු බීමතින් සිට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments