ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් අමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (25) දිනයේදී අමෙරිකානු ඩොලර් 70.05ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.32ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත්, මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.57%කින් පහළ යමින් අමෙරිකානු ඩොලර් 66.45ක් ලෙස වාර්තා වී ඇත.
මැදපෙරදිග කලාපයේ ගැටුම් ආරම්භ වූ අවස්ථාවේදීද බොරතෙල් බැරලයක මිල ඩොලර් 68ත් 70ත් අතර පරාසයක පැවති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
බොරතෙල් මිල යළි ඩොලර් 70 සීමාවට

