දකුණු අමෙරිකානු රටක් වන වෙනිසියුලාවට අද (25) අලුයම රික්ටර් මාපකයේ 7.1 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන දෙකක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පළමු භූකම්පනය වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් නගරයට ආසන්න ප්‍රදේශයක හටගෙන ඇති අතර එහි බලපෑම අසල්වැසි කොලොම්බියාවටද දැනී තිබේ.
අනතුරුව රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූකම්පනයක් වාර්තා වී ඇති අතර, එමගින් කැරකස් නගරයේ ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුව ඇතැයි සඳහන් වේ.
මෙම භූකම්පන දෙකෙන් අනතුරුව වෙනිසියුලාව සහ ඒ ආසන්න කැරිබියන් දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ආරක්ෂක අංශ සහ හදිසි සහන කණ්ඩායම් බලපෑමට ලක්වූ ප්‍රදේශවල මෙහෙයුම් ආරම්භ කර ඇති අතර හානි පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙතෙක් නිකුත් වී නොමැත.
වෙනිසියුලාවට ප්‍රබල භූකම්පන දෙකක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

