අද (25) රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තාවකාලිකව වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.
ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඇතුළු උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පැ.කි.මී. 30-40 අතර වේගයකින් තරමක තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද රාත්‍රියේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

