මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබුණද, ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී ඇතැම් පාර්ශ්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ වෙතත් එම යෝජනාව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට අවසන් එකඟතාවක් හෝ තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් සහ ඒ ආශ්රිත අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී මෙම කරුණු පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරන බවයි.

