මහර බන්ධනාගාරයේ අද (01) පස්වරුවේ ඇති වූ රැඳවියන් අතර ගැටුමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
එම ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳවියන් හය දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, බන්ධනාගාරයේ තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය. කෙසේවෙතත් බන්ධනාගාරය අසල රැඳී සිටින ජනතාවට එම ප්රදේශයෙන් ඉවත් වන ලෙස ද පොලීසිය ඉල්ලීමක් කර තිබේ.

