මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා තිබේ.
සිද්ධියෙන් රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මේ වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති අතර, බන්ධනාගාරය අවට රැඳවියන්ගේ ඥාතීන් රැස්ව සිටින බවද වාර්තා වේ.

