මාතර – තිස්ස ප්රධාන මාර්ගයේ වීරවිල ප්රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඒ අතර පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.
තිස්සමහාරාම සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වීරවිල ප්රාදේශීය ලේකම් කාර්යාලය අසලදී යතුරුපැදියක ගැටී, පසුව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවූ සිව්දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

