2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.90 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මැයි මාසයේ පමණක් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 847ක් වන අතර, එය 2025 වසරේ එම මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 205.3ක වර්ධනයක් ලෙස සටහන් වේ.
මහ බැංකුවේ වාර්තාවට අනුව, මෙම කාලසීමාවේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ 26%ක වර්ධනයක් දක්වමින් රටේ විදේශ විනිමය ආදායම ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.
මාස පහකදී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 3.9 ඉක්මවයි

