Homeසියලුම පුවත්මුතුරාජවෙල සහ මීගමුව කලපුව ආශ්‍රිත පාරිසරික ගැටලු විසඳීමට විශේෂ අවධානයක්

මුතුරාජවෙල සහ මීගමුව කලපුව ආශ්‍රිත පාරිසරික ගැටලු විසඳීමට විශේෂ අවධානයක්

මුතුරාජවෙල, මීගමුව කලපුව සහ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව පවතින පාරිසරික ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී තිබේ.මෙහිදී මුතුරාජවෙල වගුරුබිම් ආශ්‍රිත පාරිසරික හානි, පමුණුගම වෙරළ තීරයේ සිදුවන පරිසර හානි මෙන්ම සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කර ඇත.ඒ අනුව අදාළ ප්‍රදේශවල සිදුවන පාරිසරික හානි වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.එමෙන්ම මෙම ගැටලු සඳහා දිගුකාලීන හා තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් ජනතා නියෝජිතයන් සහ ප්‍රජා සංවිධානවල සහභාගීත්වයෙන් යුත් කමිටු පිහිටුවීමටද මෙහිදී තීරණය වී ඇත.මෙම සාකච්ඡාවට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු ආගමික නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, පරිසර අමාත්‍යාංශයේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments