ප්‍රදේශ කිහිපයක සිදුවූ රන්මාල කොල්ලකෑම් සහ දේපළ සොරකම් රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 210ක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
වයස අවුරුදු 39ක් වන මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, පූගොඩ, කිරිඳිවැල, කොස්ගම, නාරම්මල, පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක සහ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ අපරාධ සඳහා අවශ්‍යව සිටි අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම අපරාධ සඳහා යොදාගත් බව කියන යතුරුපැදියක්, කඩුවක් සහ කොල්ලකන ලද රන්මාලවලට අදාළ රන්ගුලි 9ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් වේ.
රන්මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

