Homeසියලුම පුවත්සලේ රඳවා සිටි සිරමැදිරියේ අඩුපාඩු රැසක් හෙළිවේ

සලේ රඳවා සිටි සිරමැදිරියේ අඩුපාඩු රැසක් හෙළිවේ

රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට වධහිංසා සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, සලේ මහතා රඳවා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරමැදිරිය පිළිබඳව විශේෂ නිරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී නිසි වාතාශ්‍රය නොමැති වීම ඇතුළු මූලික අඩුපාඩු කිහිපයක් අනාවරණය වී ඇති බව සඳහන් වේ.
අදාළ කරුණු සම්බන්ධයෙන් CID නිලධාරීන් සහ සිරමැදිරිය ආසන්නයේ සිටි අනෙකුත් රැඳවූවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අද (16) දිනයේ ද තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර, රෝහල්ගත කර සිටින සුරේෂ් සලේ මහතාට ලබාදෙන වෛද්‍ය පහසුකම් පිළිබඳව ද මානව හිමිකම් කොමිෂන් සභාව අවධානය යොමුකර ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments