එළැඹෙන ජූනි 20 වනදා සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහන සඳහා ආසන පටි පැළඳීමේ නීතිය අනිවාර්යයෙන්ම ක්රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ, වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස අසුන්වල ගමන් කරන මගීන් ද ආසන පටි පැළඳිය යුතු බවයි.
මෙම නීතිය ක්රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය ජූනි 19 වනදායින් අවසන් වන අතර, ඉන් අනතුරුව නීතිය දැඩිව බලාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය 20දා සිට අනිවාර්යයි

