Homeසියලුම පුවත්රිවෝල්වරයක් සහ ටී-56 උණ්ඩ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රිවෝල්වරයක් සහ ටී-56 උණ්ඩ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේදී විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක්, 9mm ජීව පතරොම් 09ක් සහ ටී-56 වර්ගයේ ජීව පතරොම් 49ක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් නිවසක සිදුකළ සෝදිසියකදී මෙම ගිනිඅවිය සහ පතරොම් තොගය සොයාගෙන ඇත.
එමෙන්ම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 280ක් සහ මත්ද්‍රව්‍ය මැනීමට භාවිත කළ විද්‍යුත් තරාදියක්ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments