Homeසියලුම පුවත්රුපියල් කෝටි 4කට අධික හෂීස් සමග අයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 4කට අධික හෂීස් සමග අයෙකු කටුනායකදී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේදී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේ, සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති බවයි.
ඔහුගේ ගමන් මල්ල තුළ චොකලට් ලෙස අසුරා තිබූ පැකට් 15ක සඟවා තිබූ කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 778ක හෂීස් තොගයක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 4කට අධික බව වාර්තා වේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments