ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 1.44කින් ඉහළ ගොස් ඩොලර් 110.70ක් ලෙස සටහන් වී තිබේ. එය මැයි 5 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස සඳහන් වෙයි.
එමෙන්ම, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඩොලර් 1.84කින් ඉහළ ගොස් ඩොලර් 107.26ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Iranට එරෙහිව පවතින ආරක්ෂක අර්බුද, මැද පෙරදිග කලාපයේ උද්ගත වී ඇති නොසන්සුන් තත්ත්වයන් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත ආරක්ෂක ගැටලු හේතුවෙන් මෙලෙස තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළට

