දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව පීඩාවට පත් කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අද (18) වන විට වසර 17ක් සපිරේ.
2009 මැයි 18 වනදා නන්දිකඩාල් ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ දිගුකාලීන යුද ගැටුම අවසන් විය.
වසර ගණනාවක් පුරා රට පුරා ප්‍රහාර රැසක් එල්ල කරමින් ජන ජීවිත සහ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කළ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ආරක්ෂක හමුදා විශේෂ මෙහෙයුම් රැසක් දියත් කර තිබුණි.
මේ අතර, යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය හෙට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කර අදට වසර 17ක්

