Homeසියලුම පුවත්ගත වූ පැය 24 තුළ දියේ ගිලීම්වලින් 5 දෙනෙකු මරුට

ගත වූ පැය 24 තුළ දියේ ගිලීම්වලින් 5 දෙනෙකු මරුට

ගත වූ පැය 24ක කාලය තුළ සිදුවූ දියේ ගිලීම් අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව Sri Lanka Police සඳහන් කරයි.
කැකිරාව සහ තෙල්දෙණිය ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තා වී ඇති අතර, කැකිරාව සමගිගම ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල්වලක දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.
එමෙන්ම තෙල්දෙණිය Victoria Reservoir ආශ්‍රිතව දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව සිටි අතර, පසුව ඔවුන්ගේ මළ සිරුරු සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments