වනවාසල ප්රදේශයේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් නව තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්රියාත්මක කළ යුතු රාත්රී මුර සංචාර සේවා මේ වනවිට නිසි ලෙස ක්රියාත්මක නොවන බව ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය පෙන්වා දෙයි.
එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා සඳහන් කළේ, අනතුරට ලක්වූ දුම්රිය ධාවනය වීමට පෙර එම මාර්ගයේ ධාවනය වූ තවත් දුම්රිය රියදුරෙකු විසින් වනවාසල අසල පාලන සංඥාවක දෝෂයක් පිළිබඳව දුම්රිය පාලක මැදිරියට දැනුම් දී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ප්රධාන මාර්ගයේ පයින්ටුවේ (Point) ඇතිවූ දෝෂයක් හෝ කඩාකප්පල්කාරී ක්රියාවක් මෙම අනතුරට හේතු වී ඇති හැකියාවක් පවතින බවයි.
ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා රාත්රී මුර සංචාර සේවා වහාම නැවත ක්රියාත්මක කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්ද කර තිබේ.
වනවාසල දුම්රිය අනතුර ගැන අලුත් තොරතුරු

