Homeසියලුම පුවත්වසරේ ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවයි

වසරේ ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවයි

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,000 ඉක්මවා තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ජනවාරි 1 සිට ඊයේ (28) දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 53,159 දෙනෙකු වාර්තා වී ඇති අතර, ජුනි මාසයේ පමණක් රෝගීන් 19,318 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති අතර, මේ වනවිට ඩෙංගු මරණ 31ක්ද වාර්තා වී තිබේ.
වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 27,833කි.
ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, මදුරු කීටයන් හා පිලවුන් විනාශ කිරීමටත් ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් යළිත් අවධාරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments