දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණදී සිටින බව වාර්තා වේ.
ජලය හිඟවීම නිසා ගොවිතැන් කටයුතු පවත්වාගෙන යාමද ගැටලුවක් වී ඇති අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියං තත්ත්වය හේතුවෙන් කුඹුරු වගාවටද බලපෑම් එල්ල වී තිබේ.
අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ ජලය නොමැතිවීම නිසා වගාවන්වලට සැලකිය යුතු හානි සිදුව ඇති බවයි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලට පෙර මෙම ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.

