පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට අක්කර 8,000කට ආසන්න ප්රමාණයක වගා හානි සිදුව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා අද දෙරණ සිදුකළ විමසීමකදී මේ බව සඳහන් කළේය.
සභාපතිවරයා පැවසුවේ මෙම වගා හානි හේතුවෙන් ගොවීන් 7,000කට ආසන්න ප්රමාණයකට බලපෑම් එල්ල වී ඇති බවය.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරය සහ පුත්තලම වැනි දිස්ත්රික්කවල ගොවිබිම් හානියට පත්ව ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ වන විට හානියට පත් වගා බිම් නිරීක්ෂණය කරමින් හානියේ ප්රමාණය තක්සේරු කරමින් පවතින බවත්, මෙම කන්නය අවසන් වීමට පෙර වගා හානි සඳහා වන්දි ලබාදීමට නියමිත බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව වගා හානි සඳහා මේ වන විට රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන් කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
වියළි කාලගුණය හේතුවෙන් හානියට පත් සියලු ගොවිබිම් සඳහා හානි ප්රමාණය තක්සේරු කර වගා වන්දි ගෙවීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වියළි කාලගුණයෙන් ගොවීන් 7,000කට බලපෑම්

