Homeසියලුම පුවත්ශානිගේ පෙත්සම් විභාගය අවසන් - තීන්දුව පසුවට

ශානිගේ පෙත්සම් විභාගය අවසන් – තීන්දුව පසුවට

ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබා තිබේ.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ලිඛිත දේශන තිබේ නම් ඒවා මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති අතර, අවසන් තීන්දුව පසුව ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී ඇත.
එමෙන්ම ශානි අබේසේකර මහතාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් ගොනු කළ තවත් පෙත්සමක විභාගයද අවසන් කර එහි තීන්දුවද පසුවට කල් තබා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments