පොසොන් පොහොය මඟින් කරුණාව, දයාව, සමානාත්මතාව, විනය සහ වගකීම වැනි බෞද්ධ වටිනාකම් මත පදනම් වූ සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම සිහිපත් කරවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ, සැදැහැ සංවර්ධනය මිනිසාගේ සිත තුළින් ආරම්භ වන අතර එම වටිනාකම් සමාජයේ පදනම බවට පත් කළ හැකි නම් සාමකාමී, සාධාරණ සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පහසු වන බවයි.
වත්මන් ශ්‍රී ලංකාව නව බලාපොරොත්තු සහිත ගමන් මඟකට පිවිස ඇති අතර, එම ගමන සාර්ථක කර ගැනීමට ආර්ථික සංවර්ධනයට අමතරව සදාචාරාත්මක වටිනාකම්වලින් පෝෂිත සමාජයක්ද අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.
පොසොන් පොහොයේ පණිවිඩය තුළින් සදාචාරය, අවිහිංසාව සහ මානව දයාව මත පදනම් වූ සාධාරණ හා සර්ව සාධාරණ රටක් ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්වන ලෙසද ඇය ආරාධනා කළා.
සදාචාරාත්මක සමාජයක් රටේ දියුණුවට අත්‍යවශ්‍යයි – අගමැතිනිය

