ජාතික හැඳුනුම්පත් තොරතුරු යාවත්කාලීන කිරීමේ මුවාවෙන් WhatsApp හරහා සිදුකරන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල පණිවිඩයක් ලෙස පෙනෙන ආකාරයෙන් සකස් කළ WhatsApp පණිවිඩයක් හරහා මෙම වංචාව සිදුකරන බවත්, එම පණිවිඩවල පුද්ගලයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ ලිපිනය වැනි නිවැරදි තොරතුරුද ඇතුළත් වන බැවින් බොහෝ දෙනා පහසුවෙන් රැවටීමට ලක්වන බවත් එම ආයතනය පවසයි.
හැඳුනුම්පත අත්හිටුවන බවට බියක් ඇතිකරමින් ව්‍යාජ දුරකතන අංකයකට ඇමතීමට යොමු කරන අතර, පසුව OTP කේත සහ බැංකු තොරතුරු ලබාගෙන ගිණුම්වල මුදල් සොරකම් කිරීම මෙම වංචාවේ අරමුණ බවද සඳහන් වේ.
SLCERT අවධාරණය කරන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක WhatsApp මාර්ගයෙන් හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය නොකරන බවයි.
එබැවින් මෙවැනි පණිවිඩවල ඇති සබැඳි (Links) විවෘත කිරීමෙන්, ව්‍යාජ දුරකතන අංකවලට ඇමතීමෙන් සහ OTP හෝ බැංකු තොරතුරු කිසිදු තෙවන පාර්ශ්වයකට ලබාදීමෙන් වළකින ලෙස මහජනතාවට දැනුම් දී ඇත.
හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ නමින් WhatsApp මගඩියක් ගැන අනතුරු ඇඟවීමක්

