කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (03) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය සහ සුළං වේගය ඉහළ යා හැකි බවයි.
ඒ අනුව, බස්නාහිර හා සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලීමේ හැකියාව පවතී.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද නිවේදනය කර තිබේ.
එමෙන්ම, දිවයින හරහා පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ද ඇතිවිය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි
හෙට ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

