තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකිය.
එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ධීවර කටයුතු සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අද (11) පස්වරු 12ට නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය හෙට (12) පස්වරු 12 දක්වා බලපැවැත්වේ.

