Homeසියලුම පුවත්අදත් ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං

අදත් ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං

අද (30) දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසිද අපේක්ෂා කෙරේ.
එමෙන්ම, ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමා යා හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments