Homeසියලුම පුවත්අද ඩොලරයේ සහ රුපියලේ විනිමය අගයේ වෙනසක්

අද ඩොලරයේ සහ රුපියලේ විනිමය අගයේ වෙනසක්

මහ බැංකුව අද (30) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.66ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 341.30ක් ලෙසත් සටහන් වී තිබේ.
මේ අතර, බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අද දිනයේ ඩොලරයේ විකුණුම් මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබුණු බව වාර්තා වෙයි.
බැංකු අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 330.20 සිට රුපියල් 332.50 දක්වා පරාසයක පවතින අතර, ගැනුම් මිල ද බැංකුවෙන් බැංකුවට සුළු වෙනස්කම් සහිතව සටහන් වී ඇත.
එමෙන්ම, 2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර තිබුණි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ, මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය ඇතුළු ගෝලීය ආර්ථික සාධක මෙම විනිමය අනුපාතික වෙනස්වීම් සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments