Homeසියලුම පුවත්අයහපත් කාලගුණයෙන් ජල පිරිපහදු මධ්‍යස්ථාන 3කට බලපෑම්

අයහපත් කාලගුණයෙන් ජල පිරිපහදු මධ්‍යස්ථාන 3කට බලපෑම්

මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක කටයුතු තාවකාලිකව අඩාල වූ බව එම මණ්ඩලය පවසයි.

පේරාදෙණිය මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානයට ජලය ඇතුළු වීම හේතුවෙන් පවුල් 40,000කට පමණ ජල සැපයුමට බලපෑම් එල්ල වූ අතර, මේ වනවිට එහි කටයුතු යථා තත්ත්වයට පත්කර තිබේ.

මා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මාවනැල්ල සහ අසුපිනිඇල්ල ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකටද බලපෑම් එල්ල වී ඇති අතර, මාවනැල්ල මධ්‍යස්ථානය යථා තත්ත්වයට පත්කර ඇතත් අසුපිනිඇල්ල මධ්‍යස්ථානය තවමත් අකර්මන්‍යව පවතින බව සඳහන් වෙයි.

ඒ හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජල සබඳතා 40,000කට ආසන්න සංඛ්‍යාවකට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

එමෙන්ම, ගංවතුර හේතුවෙන් ගංගා ජලයේ මඩ හා බොර ගතිය ඉහළ ගියද, නිසි පරිදි පිරිපහදු කිරීමෙන් පසුව ජලය බෙදාහරින බැවින් එහි ගුණාත්මකභාවය පිළිබඳ අනවශ්‍ය සැකයක් තබා නොගන්නා ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments