Wednesday, November 19, 2025
Homeදේශපාලනආනයනය මත යැපීම මගින් රටට ඔරොත්තු දෙන අනාගතයක් නිර්මාණය කල නොහැකී !

ආනයනය මත යැපීම මගින් රටට ඔරොත්තු දෙන අනාගතයක් නිර්මාණය කල නොහැකී !

ආනයනය මත යැපීම අවම කිරීම සඳහා දේශීය කර්මාන්ත සහ ගොවීන් සවිබල ගැන්වීම ඉතා වැදගත් වන අතර ඒ තුලින් ආර්ථිකය සවිමත් වන බවත් රැකියා උත්පාදනය වන බවත් මෙරට බිත්තර නිෂ්පාදකයින්ගේ ස්වයං විශ්වාසය වැඩිවන බවත් Twitter සටහනක් තබමින් සමගි තරුණ බලවෙගයයේ ජාතික සංවිධායක චමිත් විජේසිරි පවසනවා.මෙම twitter සටහන තබන ලද්දේ newswire වෙබ් අඩවියේ සදහන් කර තිබූ ඉදිරි මාස තුන තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා කැබිනට් අනුමැතිය හිමිව තිබේන බවට පළකරන ලද ප්‍රවෘත්තියක් උපුටා දක්වමින්,

වඩා ඔරොත්තු දෙන අනාගතයක් සඳහා අපගේම සම්පත් වල ආයෝජනය කිරීම ඉතා වැදගත් වන අතර බිත්තර පිළිබද ඇතිවී තිබෙන තත්වයට ආනයනය කිරීම තුලින් විසදුමක් සොයාගත නොහැකි බවත් ඒ තුලින් මෙම තත්වය තවදුරටත් වර්ධනය වන බවත් චමිත් විජේසිරි වැඩිදුරටත් සදහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments