Homeසියලුම පුවත්එල් නිනෝ සහ ලා නිනා හමුවේ මෙරට ජෛව විවිධත්වය රැකගැනීමට අවධානය

එල් නිනෝ සහ ලා නිනා හමුවේ මෙරට ජෛව විවිධත්වය රැකගැනීමට අවධානය

එල් නිනෝ සහ ලා නිනා දේශගුණික සංසිද්ධීන් හමුවේ ශ්‍රී ලංකාවේ උභයජීවී හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව දේශගුණික සංසදයේ විශේෂ අවධානය යොමුව තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතාගේ සම ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සංසද රැස්වීමකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.
දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම, කොරල් පර විරංජනය, මත්ස්‍ය ගහනයේ වෙනස්වීම්, විෂ ඇල්ගී වර්ධනය සහ ජල පරිසර පද්ධතිවල අස්ථාවරතාවය වැනි ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
නියඟ තත්ත්වයන් හේතුවෙන් ගංගා ජල මට්ටම් පහත වැටීම, මුහුදු ජලය ගංගා පද්ධති වෙත ඇතුළු වීම, පානීය ජල සැපයුමට එල්ල වන තර්ජන මෙන්ම ධීවර හා සංචාරක කර්මාන්තයට සිදුවිය හැකි ආර්ථික බලපෑම් පිළිබඳවද සාකච්ඡා කෙරුණි.
එමෙන්ම, නාරා ආයතනය ඇතුළු අදාළ ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ සංසදය, සාගර නිරීක්ෂණ පද්ධති දියුණු කිරීම, පරිසර ප්‍රතිස්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ජාතික සාගර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කමද පෙන්වා දී තිබේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් උභයජීවී විශේෂවල වාසස්ථාන හා ප්‍රජනන රටාවන්ටද බලපෑම් එල්ල වන අතර, ගෙම්බන් ඇතුළු විශේෂ රැසක් අවදානමට ලක්විය හැකි බවටද එහිදී නිලධාරීන් අනතුරු අඟවා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments