Saturday, November 22, 2025
Homeදේශපාලනපාර්ලිමේන්තුව අද 9.30ට ඇරඹේ

පාර්ලිමේන්තුව අද 9.30ට ඇරඹේ

පාර්ලිමේන්තුව අද සිට 26 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව රැස්වන දින අතුරෙන් මැයි 23 සහ 24 දෙදින පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම මැයි23 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ගැසට් පත්‍ර කිහිපයක ඇති නියෝග විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව තිබෙනවා.

මැයි 24 වැනි බදාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතිත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්.එම්.ජේ.පී.කේ රත්නායක එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමට ද නියමිතව තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments