Homeසියලුම පුවත්හෙට සිට බිත්තර මිල ඉහළට – සුදු බිත්තරයක් රු. 41යි, රතු බිත්තරයක්...

හෙට සිට බිත්තර මිල ඉහළට – සුදු බිත්තරයක් රු. 41යි, රතු බිත්තරයක් රු. 42යි

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හෙට (20) සිට බිත්තර මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමෙන බව සංගමයේ සභාපති සරත් රත්නායක මහතා අද (19) කුලියාපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

බිත්තර මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස ඉරිඟු ආනයනය නතර වීම සහ දේශීය ඉරිඟු නිෂ්පාදනය කර්මාන්තයේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවීම ඔහු පෙන්වා දුන්නේය.

ඉරිඟු වෙනුවට සහල් ඇතුළු විකල්ප ආහාර භාවිත කිරීම හේතුවෙන් කුකුළන්ගේ සෞඛ්‍යයට සහ ආහාර ජීර්ණ පද්ධතියට අහිතකර බලපෑම් එල්ල වී ඇති අතර, එම තත්ත්වය නිසා බිත්තර නිෂ්පාදනය සියයට 20 සිට 30 දක්වා ප්‍රමාණයකින් පහත වැටී ඇති බවද ඔහු සඳහන් කළේය.

තවද, ඇතැම් වෙළෙඳුන් සත්ත්ව ආහාරවලට නුසුදුසු රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ මිශ්‍ර කිරීම හේතුවෙන් කුකුළන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බවටද ඔහු චෝදනා කළේය.

මෙම තත්ත්වය නිසා බිත්තර නිෂ්පාදකයින්ට දැඩි පාඩු සිදුව ඇති බවත්, ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත්ව සිටියද මෙතෙක් ප්‍රමාණවත් විසඳුම් ක්‍රියාත්මක වී නොමැති බවත් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments