Homeසියලුම පුවත්ලෝක පාපන්දු කිරුළ වෙනුවෙන් ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අද අවසන් සටනට

ලෝක පාපන්දු කිරුළ වෙනුවෙන් ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අද අවසන් සටනට

මුළු ලෝකයේම අවධානය දිනාගත් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (19) මධ්‍යම රාත්‍රී 12.30ට අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතය.

මෙවර ලෝක ශූරතාව සඳහා තරග වදින්නේ වත්මන් ශූරයින් වන ආර්ජන්ටිනාව සහ ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමයි.

තරගාවලිය පුරාම දක්ෂතා දැක්වූ ආර්ජන්ටිනාව සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් පිටියට පිවිසෙන අතර, ස්පාඤ්ඤය වසර 16කට පසු නැවතත් ලෝක කුසලානය දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් අවසන් තරගයට එක්වෙයි.

ආර්ජන්ටිනාවේ ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාව සහ ස්පාඤ්ඤයේ වේගවත් මැදපෙළ අතර තරගය පාපන්දු ලෝලීන්ට උද්වේගකර අවසන් සටනක් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර, ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වරට ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් විශේෂ ශූරතා මුදු පිරිනැමීමටද සංවිධායකයන් සැලසුම් කර තිබේ. ඒ සඳහා මුදු 2,026ක් නිෂ්පාදනය කර ඇති අතර, ඉන් 30ක් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සඳහා වෙන් කර ඇත. ඉතිරි මුදු 1,996 ප්‍රේක්ෂකයන්ට මිලදී ගැනීම සඳහා ලබාදීමට නියමිතය.

මේ අතර, තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයෙන් ප්‍රංශය ගෝල 6-4ක් ලෙස පරාජය කළ එංගලන්තය තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

එම තරගයේදී ගෝල දෙකක් වාර්තා කළ කයිලියන් ම්බාපේ, මෙවර තරගාවලියේ මුළු ගෝල සංඛ්‍යාව 10 දක්වා ඉහළ නංවමින් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments