Homeසියලුම පුවත්දක්ෂිණ අධිවේගයේ රථවාහන තදබදයක් – රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගයේ රථවාහන තදබදයක් – රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලීසිය පවසයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ගාල්ල සහ මාතර දෙසට ගමන් කරන රියදුරන්ට අධිවේගී මාර්ගයෙන් වැලිපැන්න පිවිසුමෙන් පිටවී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත.

රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පොලීසිය සහ අදාළ බලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සඳහන් වේ.

අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු රියදුරන් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසත්, ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments