මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීම් සිද්ධීන් 18ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
අද (19) දිනයේ ගතවූ පැය 24 තුළ පිළියන්දල සහ දෙහිවල පොලිස් බලප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් දෙකත් සමඟ මෙම සංඛ්‍යාව වාර්තා වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, මේ දක්වා වාර්තා වූ සමස්ත වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ඒකක විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.

