Thursday, November 13, 2025
Homeදේශීයපාසල් සිසුන්ට දැනුම්දීමක්

පාසල් සිසුන්ට දැනුම්දීමක්

බස්නාහිර පළාත තුළ හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇත.

අපකළ විමසීමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මේ බව පැවසීය.

ඒ අනුව හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ 10,11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇත.

එසේම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 09 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග එළඹෙන 21 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇත.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ හෙට දිනය තුළ සිසුන්ට විභාග සඳහා පැමිණීමේදී ඇතිවිය හැකි ප්‍රවාහන අවහිරතා පිළිබඳව සලකාබැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments