Sunday, November 16, 2025
Homeසියලුම පුවත්රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට සුභ පණිවුඩයක්

රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට සුභ පණිවුඩයක්

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් සියළුම උපාධිධාරීන්ට දෙසැම්බර් 31 වැනිදාට පෙර ස්ථිර පත්වීම් ලබාදෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

මෙවර අයවැය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ.

මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරින් සංඛ්‍යාව 50,000 කට අධිකයි.

පාසල්වලට අනියුක්ත කළ පිරිස ඔවුන්ගේ කැමැත්ත මත එම පාසල්වලම සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථිර කරන බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments