Homeසියලුම පුවත්ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

අමෙරිකානු මෙහෙයුම අවසන් වීම සහ සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශවලින් අනතුරුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බොරතෙල් මිල ගණන් 8%කින් පමණ පහළ ගොස් ඇති අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8.21%කින් අඩුවී අමෙරිකානු ඩොලර් 81.98ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 9.31%කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල අමෙරිකානු ඩොලර් 87.77ක් ලෙස වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments