Thursday, November 13, 2025
Homeසියලුම පුවත්සහල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් වරායේ

සහල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් වරායේ

සහල් කන්ටේනර් 500 ක් වරායේ සිර වී ඇතැයි, ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කළේ, ඉන්දියාවෙන් ආනයනය කළ පොන්නි සම්බා, නාඩු සහ කැකුළු සහල් එම කන්ටේනර්වල අඩංගු බවයි.

එලෙස සිරවී ඇති කන්ටේනර්වල අඩංගු සහල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 10,000ක්.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 1500 ක් පමණ මේ වන විට වරායේ සිර වී ඇති බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ වන විට එම කන්ටේනර් කිහිපයක් පමණක් නිදහස් කර ඇති බව නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා

RELATED ARTICLES

Most Popular

Recent Comments