අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

