Saturday, November 22, 2025
Homeසියලුම පුවත්හියුමන් ඉමියුනෝ ග්ලොබලීන්’ ඖෂධය ගේන්න දීලා තියෙන්නේ ලංකාවට සුදුළූණු ගේන මනුස්සයෙක්ට! මේ...

හියුමන් ඉමියුනෝ ග්ලොබලීන්’ ඖෂධය ගේන්න දීලා තියෙන්නේ ලංකාවට සුදුළූණු ගේන මනුස්සයෙක්ට! මේ බෙහෙත වරායෙන් ඇවිල්ලත් නෑ! රේගුවෙන් ඇවිල්ලත් නෑ! ගුවන්තොටුපොළෙන් ඇවිල්ලත් නෑ! එතකොට කොහොමද ආවේ? අනුමැතිය දීපු ‘රත්නායක’ කව්ද? ‌සෞඛ්‍ය අමාත්‍යංශයේ අලුත්ම ගැහිල්ල එළියට එයි

හියුමන් ඉමියුනෝ ග්ලොබලීන් නැමැති ඖෂධය ගෙන්වීම දී ඇත්තේ ලංකාවට සුදුළූණු ආනයනය කරන සමාගමකට බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ‌ඖෂධය ගුවන් තොටුපොළෙන් හෝ රේගුවෙන් හෝ වරායෙන් හෝ මෙරටට පැමිණ නැති බවත්, හොර පාරෙන් ඖෂධය ලංකාවට ගෙන්වා ඇති බවත්ය.

‘රත්නායක’ නැමැත්තකු විසින් ඊට අවසර ලබා දී ඇති බවද, හෙතෙම තවමත් නිදහසේ රාජකාරී කරමින් සිටින බවද ඒ මහතා කීය

RELATED ARTICLES

Most Popular

Recent Comments