Homeසියලුම පුවත්එයාර්බස් ගනුදෙනු නඩුවට නාමල් යළි කොටුව අධිකරණයට රැගෙන එයි

එයාර්බස් ගනුදෙනු නඩුවට නාමල් යළි කොටුව අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (30) යළි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

ඒ අනුව එම සිද්ධියට අදාළ නඩුකරය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ. 0
“`1

RELATED ARTICLES

Most Popular

Recent Comments