හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නොවැම්බර් 11 වනදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
නඩුව අද (30) කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක යන මහත්වරුන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.

