මේ වනවිට සියයට 8ක්ව පවතින උද්ධමනය මෙම වසර තුළ මෙන්ම ලබන වසරේ මුල් කාලය දක්වාද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ 2027 වසරේ දෙවන කාර්තුවෙන් පසුව උද්ධමනය මහ බැංකුවේ සියයට 5ක ඉලක්කය වෙත ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවය.
2026 අගෝස්තු මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික උද්ධමනය සියයට 8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මහ බැංකුවේ පුරෝකථන අනුව එය ආසන්න කාලීනව සියයට 5ක ඉලක්කයට වඩා ඉහළින් පවතිනු ඇතැයි අපේක්ෂා කරයි. 0
උද්ධමනය ඉහළ යාමෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු ප්‍රතිපත්තිමය මෙවලම් භාවිත කරමින් මේ වනවිට පියවර ගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
ඉදිරියේදීද එවැනි අවිනිශ්චිත තත්ත්වයන් ඇති වුවහොත්, ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය මෙන්ම රජයේ රාජ්‍ය මූල්‍ය ප්රතිපත්තියද අවශ්‍ය පරිදි භාවිත කිරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“`1

